කොරෝනා ආසාධිතයින් ගණන 1, 141 දක්වා ඉහළට

30

මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1, 141 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ දිනයේ දී නව කොරෝනා ආසාධිතයින් පනස් දෙදෙනකු හදුනාගැනීමත් සමගයි.
ඔවුන්ගෙන් 49 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණි පුද්ගලයින් පිරිසක්.
ඉන්දුනීසියාවේ සිට පැමිණි එක් පුද්ගලයෙකුට සහ නාවුක හමුදා සාමාජිකයින් දෙදෙනකුට ද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව ඊයේ තහවුරු වුණා.
මේ වන විට කොරෝනා රෝගීන් 458 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 674ක්.

Your Comments