කිලිනොච්චිය විභාග මධ්‍යස්ථානයක් ජලයෙන් යටවෙයි – දරුවන්ගේ ආරක්ෂාවට හමුදාව එයි [PHOTOs]

28

අයහපත් කාළගුණ තත්වය හමුවේ ගංවතුර තත්වයකින් කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථානය ට අද (06) උදෑසන බලපෑම් එල්ලේ වී තිබෙනවා.

කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් පැවසුවේ විභාග මධ්‍යස්ථානයේ පහළ මාලය ජල ගැලී‍ම් හේතුවෙන් ජලයෙන් යටව තිබු බවයි.

හමුදා නිළධාරීන් කඩිනමින් මැදිහත්ව දරුවන්ගේ මේස හා පුටු ඉහළ මාලයක් වෙත ගෙනගොස් විභාග මධ්‍යස්ථානය ඉහළ මාලයක ශාලාවක සකස් කිරීමට පියවර ගැනුණා.

විභාගයට පෙනී සිටින දරුවන් බෝට්ටු යොදාගෙන විභාග ශාලව වෙත රැගෙන ගිය බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුධ හමුදා නිළධාරීන් අවට රැදී සිටින බවද කිලිනොච්චිය ආරක්ෂක සේනා නිළධාරීන් සඳහන් කළා.

කිලි‍නොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජි.වි.රවිප්‍රිය මහතාගේ උපදෙස් මත කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් සහන සේවා සපයමින් සිටින බවයි NEWS24 වාර්තාකරු පවසන්නේ.

(වවුනියාව – මාධව කුලසූරිය)

Your Comments