අයහපත් කාළගුණයෙන් 80,000කට පීඩා – තද වැසි හෙට දක්වා
නායයාමේ අවධානම් නිවේදනය තවදුරටත්

27

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තවදුරටත් දිවයිනේ දිස්ත්‍රික්ක 08කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, නුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වි ඇති බවයි.
මේ වන විට පවුල් 20,815කට අයත් පුද්ගලයින් 80,007 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
ඔවුන් ආරක්ෂිත ස්ථාන 42 ක රඳවා සිටිනවා.
එසේම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 30ක් සහ අර්ධ හානි සංඛ්‍යාව 819 ක් වාර්තා වන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
මේ අතර කළු, ගිං සහ නිල්වලා යන ගංගා වල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ද තවදුරටත් ඉහල යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කලා.
ඒ අනුව ඕනෑම ආපදා තත්ත්වයට මුහුණුදිම සදහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
මේ අතර කෑගල්ල, ගාල්ල, කළුතර, රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවලට පනවා ඇති නාය යාමේ අනතුරු ඇගවීම හෙට පෙරවරු 10 දක්වා දීර්ඝ කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.
මේ අතර ඊයේ පෙරවරු 8යි 30 සිට අද අලුයම 3 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර් 103ක්.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල කළ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට සිට තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කාලා.
කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසුරිය මහත්මිය ප්‍රකාශ කලේ.
25_09_1200_ඵෑඔ

Your Comments