අපේක්ෂා පහළ වැටුනා

199

බලපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබුනත් ජනතා තීරණය පිළිගතයුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද පෙරවරුවේ මාධ්‍ය හමුවේ කරුණු දක්වමින්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ අනුර කුමාර දිසානායක මහතා මනාප 49,814ක් ලබා ගත්තා.

ජාතික ජනබලවේගය හිමිකරගත් ආසන සංඛ්‍යාව 2ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් විජිත හේරත් මහතා මනාප 37,008ක් ලබාගත්තා.

ඒ අනුව ජාතික ජනබලවේගය ට ජාතික ලැයිස්තු ආසනයක් ද හිමිව තිබෙනවා.

ඔවුන් ඡන්ද 445,958ක් ලබා ගත්තේ 3.84%ක් වාර්තා කරමින්.

 

 

 

Your Comments