අකිල, පක්ෂ ප්‍රතිසංවිධානයක් ඉල්ලයි

10

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධූරය අත්හැරීමට මේ වන තෙක් තීරණය කර නොමැති බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

කෙසේ වෙතත් පක්ෂය පුළුල් ප්‍රතිසංවිධානයකට ලක්විය යුතු බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

ඒ අනුව තනතුරු පූර්ණ ලෙස වෙනස් කළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

පක්ෂයේ දියුණුව වෙනුවෙන් මහ ලේකම්ධුරය වෙනස් කළ යුතු බවට පක්ෂ අභ්‍යන්තරය තීරණය කරන්නේ නම් එහිදී ධූරය හැරයාමට සූදානම් බව ද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

මේ අතර පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ එළඹෙන දෙසැම්බරයේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇති බවයි.

Your Comments