UPDATE : ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අතහැර දමයි

11

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබෙනවා.
ඒ අනුව කණ්ඩායම් 2කටම එක් ප්‍රසාද ලකුණ බැගින් ලබා දීමයි පියවර ගැනුණේ.
මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අද තරග බිමේ [Jun 11, 2019 @ 13:34 ]

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව් වන තරඟය තව පැය කිහිපයකින් ආරම්භ වීමට නියමිතයි.
ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු තුනට බ්‍රිස්ටල් හී දී ආරම්භ වනු ඇතී.
ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය නවසීලන්තය හමුවේ පරාජයට පත් වූ අතර දෙවන තරගයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
තෙවන තරගය පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබුණ ද වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට පියවර ගැනුණා.
බංගලාදේශය මෙවර තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ තරග තුනෙන් තරග දෙකක් පරාජයට පත්ව ඇති අතර එක් තරගයක් ජය ගැනීමට සමත් වුණා.
මේ අතර අද තරඟය සඳහා ද වර්ෂාවෙන් බලපෑම් එල්ල විය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.

Your Comments