UPDATE : කලම්බෝ කිංග්ස් පරදා දඹුල්ල වයිකිංග් ලකුණු 28ක ජයක් ලබයි

19

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වන තරගයේ ජය ලබාගැනීමට දඹුල්ල වයිකිංග් කණ්ඩායම සමත් වූවා.
ඒ කලම්බු කිංග්ස් කණ්ඩායම ලකුණු 28කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල වයිකිංග් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 175ක් ලබාගැනීමට සමත් වූවා.

ඊට පිළිතුරු ලෙස ලකුණු 176ක් ලබාගැනීමට පිටියට පැමිණි කලම්බෝ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18.4කදී සියලුම දෙනා දැවී ලබාගත්තේ ලකුනු 147ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බෝ කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් Laurie Evans ලකුණු 59ක් ලබාගැනීමට සමත් වූ අතර සෙසු එකදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව ඉක්මවා යාමට සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේදී දඹුල්ල වයිකිංග් කණ්ඩායමේ සමිට් පටෙල්, මලින්ද පුෂ්පකුමාර, අන්වර් අලී සහ පුලින තරංග කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

සචිඳු කොළඹගේ සහ කසුන් රජිත එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

එල්.පී.එල්. තරගාවලියේ 8 වන තරගය අද(01) රාත්‍රී 8ට පැවැත්වෙන්නේ ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතරයි.


 

කලම්බෝ කිංග්ස් කණ්ඩායමට ලකුණු 176ක ඉලක්කයක් [Dec 1, 2020 at 17:24]

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ දඹුල්ල වයිකිංග් කණ්ඩායම සහ කලම්බෝ කිංග්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල වයිකිංග් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පැමිණි දඹුල්ල වයිකිංග් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 175ක් ලබාගැනීමට සමත් විය.

ලකුණු ලබාගැනීමේදී දඹුල්ල වයිකිංග් කණ්ඩායමේ නායක දසුන් ශානක ලකුණු 56ක් ලබාගැනීමට සමත් විය.

සමිට් පටෙල් ලකුණු 30ක්ද උපුල් තරංග ලකුණු 25ක්ද ඇන්ජලෝ පෙරේරා ලකුණු 21ක්ද ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී කලම්බෝ කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන කඩුලු 3ක්ද ඇන්ඩ්‍රි රුසෙල් කඩුලු 3ක්ද දවා ගැනීමට සමත් විය.

එසේම දුෂ්මන්ත චමීර කඩුලු දෙකක්ද ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ලක්ද දවා ගත්තා.

තරගයේ ජයග්‍රහණය සඳහා කලම්බෝ කිංග්ස් කණ්ඩායම ලකුණු 176ක් ලබාගත යුතු වනවා.

තරගය හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මකයි.

 

Your Comments