“Umpire’s Call” සංශෝදනය කිරීමට ICC අනුමැතිය

22

කඩුල්ල මුවා කිරීමේ වරදට අදාළව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගැනීමේ දී ඊට අදාළ නීති සංශෝදනයක් සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා.

එහිදී මෙතෙක් සලකා බැලු‍ණු කඩුල්ලේ උස ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමටයි තීරණය කර ඇත්තේ.

මීට පෙර කඩුල්ලේ උස සීමාව ලෙස තීරණය කෙරුණේ කඩුල්ලට යොදා ගන්නා බෙල්ස් හි පහත සීමාවයි.

කෙසේ වෙතත්, නව නීති ප්‍රකාරව එය බෙල්ස් හි ඉහළ සීමාව දක්වා ඉහළ නංවා තිබෙනවා.

Your Comments