SAG උළෙලක මළල ක්‍රිඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව අභිබවා යයි

54

දකුණු ආසියානු ක්‍රීඩා උළලේ වසර 28කට පසු මළල ක්‍රිඩා ඉසව්වලින් ශ්‍රි ලංකාව ඉන්දියාව අභිබවා යාමට සමත් වුණා.

අද ශ්‍රි ලංකාව මළල ක්‍රිඩා ඉසව්වල රන් පදක්කම් 05ක් දිනා ගැනීමට සමත් වූ අතර මළල ක්‍රිඩා ඉසව්වේ ශ්‍රි ලංකාව ලබා ගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 15ක්.

ඉන්දියාව මළල ක්‍රිඩා ඉසව්වල හිමිකරගනෙ ඇත්තේ රන්පදක්කම් 13ක් පමණයි.

ඒ අනුව වසර 28කට පසුව දකුණු ආසියානු ක්‍රිඩා උළෙලෙක මළල ක්‍රිඩා ඉසව්වලදී ශ්‍රි ලංකාව ඉන්දියාව අභිබවා යෑමට සමත්වීම විශේෂත්වයක්.

අද උදෑසන පැවති කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ හිරුණි විජේරත්න විසින්.

ඒ සඳහා ඇය ගත කළ කාලය පැය 02යි මිනිත්තු 41යි තප්පර 24ක්.

හිරුණි විජේරත්න සහභාගී වු පළමු දකුණු අසියානු ක්‍රිඩා උළෙල ද මෙය වන අතරම මෙය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ දී මැරතන් ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත් පළමු අවස්ථාවයි.

මේ අතර, මීටර් 400 පිරිමි සහ කාන්තා සහය දිවීමේ තරග ඉසව්වලද රන් පදක්කම් දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව අද සමත් වුණා.

එමෙන්ම මීටර් 800 කාත්නා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණේ දිල්ෂි කුමාරසිංහ ක්‍රීඩිකාවයි.

එහි පිරිමි අංශයේ රන් පදක්කම ඉදුනිල් හේරත් විසින් දිනා ගත්තා.

දකුණු ආසියානු ක්‍රීඩා උළලේ තෙවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව රන් පදක්කම් 30ක් රිදී පදක්කම් 57ක් සහ ලෝකඩ පදක්කම් 83ක් සමගින් දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 157ක්.

සමස්ත පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ රැකගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.

ඒ, රන් පදක්කම් 110ක් සමගින් සමස්ත පදක්කම් 214ක් හිමි කර ගනිමින්.

නේපාලය රන් පදක්කම් 43ක් සමගින් සමස්ත පදක්කම් 142ක් හිමි කර ගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා.

Your Comments