PSL T20 සඳහා සීක්කුගේ ප්‍රසන්න තෝරයි

19

ලබන වසරේ පැවැත්වෙන පී.එස්.එල් හෙවත් පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීම ලාහෝර් නුවර දී සිදු කෙරුණා.

කෙසේ වෙතත්, මෙවර පී.එස්.එල් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් තෝරා ගනු ලැබුවේ සීක්කුගේ ප්‍රසන්න පමණයි.

ඔහුව ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම විසින් තෝරා ගනු ලැබුවා.

දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මෙහිදී තෝරා ගනු ලැබුවේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම විසින්.

Your Comments