LPL Title Sponsor ඉන්දියානු මයි ලෙවන් සර්කල් සමාගමට

12

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ටයිටල් ස්පොන්සර් ලෙසට මයි ලෙවන් සර්කල් (My11Circle) නමැති ඉන්දියානු සමාගම විසින් හිමි කරගෙන තිබෙනවා.
ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන්නේද ඔවුන් වනවා.
එම නිසා LPL තරගාවලිය ඉදිරියේදී හඳුන්වනු ලබන්නේ මයි ලෙවන් සර්කල් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙසින්.
හිටපු ඉන්දීය නායක සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති සෞරව් ගංගුලි My11Circle හි සන්නාම තානාපති වශයෙන් කටයුතු කරනු ලබනවා.

Your Comments