LPL සියලුම තරග හම්බන්තොට හා පල්ලෙකැලේදී

15

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 21 දා සිට දෙසැම්බර් 13 දා තෙක් පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලියේ කළමනාකරණ කටයුතු භාරව කටයුතු කරන IPG ආයතනය නිවේදනය කර සිටින්නේ මෙහි තරග 23 මහනුවර පල්ලෙකැලේ සහ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදි පැවැත්විමට නියමිත බවයි.

තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසිය එළැඹෙන 19 දා සිදුකිරිමට නියමිත අතර තරගාවලියට කොළඹ, නුවර, ගාල්ල, දඹුල්ල හා යාපනය යනුවෙන් කණ්ඩායම් 5ක් ක්‍රීඩා කරනු ඇති.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් මෙන්ම විදේශීය ක්‍රීඩකයන් 75ක් ක්‍රීඩක වෙන්දේසියට එක්ව තිබෙනවා.

Your Comments