LPL විස්තර විචාරයකු ලෙස හර්ෂල් ගිබ්ස් එක්වන බව තහවුරු කරයි

17

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරයකු ලෙස දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් එක්වන බව තහවුරු කර තිබෙනවා.

ඒ, ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුව නිවේදනය කළේ සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත විස්තර විචාරක කමිටුවට ඔහු ද ඇතුළත් බවයි.

කෙසේ වෙතත්, හර්ෂල් ගිබ්ස් විස්තර විචාරක කටයුතුවලට එක් නොවන බවත්, සාමාජිකයින් 5 දෙනෙකු පමණක් විස්තර විචාරක කමිටුවට ඇතුළත් වන බවත් පසුව නිවේදනය කෙරුණා.

අනතුරුව හර්ෂල් ගිබ්ස් තැබූ ට්විටර් පණිවිඩ කිහිපයක් හේතුවෙන් මෙම සිද්ධිය බොහෝ දෙනෙකුගේ අවධානයට ද යොමු වුණා.

ඒ අතරතුර තවත් ට්විටර් සටහනක් තබමින් ඔහු සදහන් කළේ තමා එල්.පී.එල් තරගාවලියට විස්තර විචාරකයෙකු ලෙස එක්වන බවයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 26 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Your Comments