LPL විස්තර විචාරක කණ්ඩායමෙන් හර්ෂල් ගිබ්ස් ඉවත්ට

29

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ විස්තර විචාරකයන්ගේ කණ්ඩායමෙන් හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් ඉවත් කර තිබෙනවා.

මීට පෙර ප්‍රසිද්ධියට පත් කරන ලද විචාරක කණ්ඩායමේ ගිබ්ස් ඇතුලු 6 දෙනෙකුගේ නම් සදහන් වුණා.

තමා ද තරග විස්තර විචාරයට එක් වන බව සනාථ කරමින් හර්ෂල් ගිබ්ස් සමාජ මාධ්‍ය ජාලා වල සටහන් තබා තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලියෙකු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔහුගේ පැමිණිම පිලිබදව අද දිනයේ විමසීමක් සිදු කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් ගිබ්ස් පවසා ඇත්තේ තමන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා විස්තර විචාරකයෙකු ලෙස සහභාගි නොවන බවයි.

ඉන් අනතුරුව ලංකා ප්‍රිමියර් ලීග් නිල ටුවිටර් ගිණුමේ ද ඒ බව සනාථ කරමින් සටහනක් තබා තිබුණා.

Your Comments