LPL විනිසුරු සහ තරග තීරණ මඩුල්ල නිවේදනය කරයි

41

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරු සහ තරග තීරක මඩුල්ල අද නිල වශයෙන් නිවේදනය කෙරුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ අයි.සී.සී ප්‍රධාන තරග තීරකවරයා වන රංජන් මඩුගල්ල මහතා ද මෙවර එල්.පී.එල් තරගාවලියේ තරග තීරකවරයෙකු ලෙස එක්වන බවයි.
එමෙන්ම ජාත්‍යන්තර තරග විනිසුරුවරයෙකු වන කුමාර ධර්මසේන ද එල්.පී.එල් තරගාවලියේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ඇති.
තරග තීරකවරුන් ලෙස ග්‍රැහැම් ලැබ්‍රෝයි, වෙන්ඩෙල් ලැබ්‍රෝයි සහ මනෝජ් මෙන්ඩිස් ද එක් වීමට නියමිතයි.
රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල්, ප්‍රගීත් රඹුක්වැල්ල දීපාල් ගුණවර්ධන, හේමන්ත බොතේජු, කීර්ති බණ්ඩාර, අසංග ජයසූරිය, රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි යන විනිසුරුවරුන් ද තරගාවලිය සදහා එක්වන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මේ අතර එල් පී එල් ක්‍රීඩා කිරීම සදහා පැමිණි පාකිස්තාන වේග පන්දු ක්‍රීඩක සොහයිල් තන්වීර්ට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
ඔහු මෙවර තරගාවලියේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමයි නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ.
මේ අතර කෝවිඞ් වසංගත තත්වය හමුවේ එල් පී එල් තරගාවලිය පැවැත්වීමට අවසර ලබා දී ඇත්තේ කිනම් පදනමකින් දැයි විපක්ෂය ප්‍රශ්න කරනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා මේ බව සදහන් කළා.

Your Comments