LPL යළි කල් දැමේ

16

එළඹෙන 28 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා වසංගත අර්බුදයත් සමග පවතින සියලු‍ තත්ත්වයන් සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඒ අනුව එල්.පී.එල් තරගාවලිය එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට මේ වන විට අවධානය යොමුව තිබෙනවා.

Your Comments