LPL නිල ලාංඡනය එළිදැක්වෙයි

21

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල ලාංඡනය එළි දක්වා තිබෙනවා.

දේශීය සංස්කෘතියට සහ ඉතිහාසයට මුල් තැනක් ලබා දෙමින් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ජාතික ධජයේ නිරූපිත සිංහයෙකුගේ ධෛර්යය, අධිෂ්ඨානය සහ නිර්භීතකම මෙම ලාංඡනයට ද එක් කර ඇති බවයි තරගාවලියේ සංවිධායකත්ව සමාගම සදහන් කළේ.

තැඹීලි සහ රතු වර්ණය මෙම ලාංඡනයට යොදා ඇත්තේ ඓතිහාසික මහනුවර යුගයේ චිත්‍ර සහ සීගිරි බිතුසිතුවම් වර්ණ පදනම් කර ගනිමින්.

නිල් සහ කහ වර්ණය ශ්‍රී ලංකා ක්‍රිකට් වර්ණයයි.

තරගාවලියට එක්වන කණ්ඩායම් පහේ වර්ණ සිංහයාගේ කේෂරවල වර්ණවලින් නිරූපනය කෙරෙනවා.

මෙවර පළමු වරට පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සියලු‍ තරග ක්‍රීඩාංගන දෙකකදී පැවැත්වීමට නියමිතයි.

ඒ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී.

නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වෙන තරගාවලියට තරග 23 ක් ඇතුළත්.

තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීම එළඹෙණ 19 වනදා සිදු කිරීමට නියමිතයි.

එම අවස්ථාවට විදෙස් ක්‍රීඩකයින් 75 දෙනෙකු ද ඉදිරිපත් වනු ඇති.

තරගාවලිය සදහා කණ්ඩායම් පහක් එක් වන අතර එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

Your Comments