LPL තේමා ගීතය එළි දැක්වෙයි

20

එල්.පී.එල් තරගාවලියේ නිල තේමා ගීතය එළි දැක්වුණා.

මේ අතර තරගාවලියේ ජාත්‍යන්තර නිල රූපවාහිනී විකාශන අයිතීන් හිමි නාලිකා සහ එම නාලිකා ඔස්සේ තරගාවලිය නැරඹීමේ අවස්ථාව හිමි වන රටවල් සම්බන්ධයෙන් ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සෝනි, ස්කයි ස්පෝට් සහ පී ටීවී ඇතුළු ජාත්‍යන්තර නාලිකා කිහිපයක් ඔස්සේ තරගාවලිය විකාශය කෙරෙනු ඇති.

මේ අතර ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය සහතික කිරීම සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ගයන් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් ජෛව ආරක්ෂිත පරිසරයකට යොමු කෙරෙන අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිශ්චිතව දක්වා ඇති දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර ජැෆ්නා ස්ටැලියන්ස්, දඹුල්ල සහ මහනුවර කණ්ඩායම්වල ලාංඡන සංශෝදනය කර තිබෙනවා.

Your Comments