LPL තරඟාවලියට අදාළ තරඟ කාල සටහන ප්‍රකාශයට පත් කෙරේ

17

ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියට අදාළ තරඟ කාල සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තරඟාවලිය නොවැම්බර් මස 21වැනිදා සිට දෙසැම්බර් මස 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පල්ලේකැලේදී සහ හම්බන්තොටදී තරගාවලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

තරඟාවලිය ආරම්භ කරමින් සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී කළම්බෝ කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරඟවැදීමට නියමිතයි.

දෙසැම්බර් 10 සහ 11 යන දෙදින මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියේ අවසන් පූර්ව තරඟ දෙක පැවැත්වීමට සංවිධායකයින් සැලසුම්කර තිබෙනවා.

තරඟාවලියේ අවසන් මහා තරඟය දෙසැම්බර් 13 වනදා පැවැත්වෙන්නේ ද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි.

කළම්බෝ කිංග්ස්, දඹුල්ල හෝක්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් 05 මෙවර තරඟාවලියට එක්ව සිටිනවා.

Your Comments