LPL තරගාවලියේ තරග කාලසටහන යළි සංශෝධනය කෙරේ

17

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන යළි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය ලබන 21 වනදා කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පළමු තරගය කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර පැවැත්වීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

ඒ අනුව එම තරගය, තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ලබන 22 වනදා පැවැත්වෙනු ඇති.

කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර තරගයක් ලබන 23 වනදා ද පැවැත්වීමට මීට පෙර පැවැති තරග කාලසටහනට අනුව නියමිතව තිබූ නමුත්, එම තරගය අදාළ දිනයෙන් මේ වන විට ඉවත් කර තිබෙනවා.

නව කාලසටහනට අනුව කොළඹ කණ්ඩායමට එදින කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට නැහැ.

ඊට අමතරව තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන අවසන් දිනයේ තරග ද සංශෝදනය කර තිබෙනවා.

නව කාලසටහනට අනුව දෙසැම්බර් 9 වනදා පැවැත්වෙන්නේ කොළඹ – ගාල්ල සහ දඹුල්ල – යාපනය අතර තරගයයි.

මීට පෙර එදින පැවැත්වීමට නියමිතව තිබුණේ දඹුල්ල – මහනුවර සහ ගාල්ල – යාපනය අතර තරගයයි.

Your Comments