IPL 47 වන තරගයේ ජය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට

18

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 47 වන තරගයෙන් ජය වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
ඔවුන් හමුවේ ලකුණූ 34කින් පරාජයට පත් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.
කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව කොල්කටා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 232ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි.
හර්ඩික් පාන්ඞ්යා පන්දු 34කින් ලකුණූ 91ක් ලබා ගත්තා.
ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

Your Comments