ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ හය වන තරගයෙන් ජය වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
ඔවුන් හමුවේ ලකුණු 28කින් පරාජයට පත් වූයේ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමයි.
කොල්කටාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් පන්ජාබ් කණ්ඩායම තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 218 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ පන්ජාබ් කණ්ඩායමට කඩුලු 4ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 190ක් පමණයි.

Your Comments