IPL සිම්බාබ්වේ නවතයිද ?

26


මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය මේ වන විට අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

මාර්තු මාසයේ දී අදාළ තරග සංචාරය සිදු කිරීමට නියමිතව තිබුණ ද, මේ වන විට අදාළ තරගාවලියේ කාලවකවානුව සංශෝධනය කිරීමට හෝ එය අවලංගු කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඊට හේතු වී ඇත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සහ අයි.පී.එල් තරගාවලිය අතර පවතින දින පරාසය තුළ තවත් තරගාවලියක් පැවැත්වීම සදහා ප්‍රමාණවත් කාලයක් නොතිබීමයි.

ඉන්දු – ඕස්ට්‍රේලියා 20යි 20 හා එක්දින තරගාවලි මාර්තු 13 වනදා අවසන් වන අතර අයි.පී.එල් තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ මාර්තු 23 වනදායි.

ඒ අනුව තරගාවලි දෙක අතර පවතින දින 10ක කාලය තුළ වෙනත් තරගාවලියක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව සඳහන්.

ගැටලු‍ව සම්බන්ධයෙන් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීවරයෙකු සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීවරයෙකු අතර ඉදිරි දින කිහිපයේ දී සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

Your Comments