IPL සඳහා කිසිදු ලාංකික ක්‍රීඩකයෙක් වෙන්දේසියේදී තෝරා නොගැනීම කණගාටුවට කාරණයක් – මහේල ජයවර්ධන

12

2021 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්, ක්‍රීඩක වෙන්දේසියේදී තෝරා නොගැනීම කණගාටුවට කාරණයක් බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කලා.

 

අයි.පී.එල් ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු‍ ලෙසයි මහේල ජයවර්ධන මේ වන විට සේවය කරනු ලබන්නේ.

අයි.පී.එල් තරඟ ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් එම තරඟාවලිය සඳහා එක් නොවන්නේ පළමු වරටයි.

පසුගිය වසරේදී ඉසුරු උදාන, විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියෝජනය කලා.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ අවසන් වටයට උදාන, කුසල් පෙරේරා සහ තිසර පෙරේරා සුදුසුකම් ලැබුව ද කිසිදු කණ්ඩායමක් ඔවුන් ව මිලදී ගැනීමට ඉදිරිපත් වුයේ නැහැ.

කෙසේ වෙතත් අයි.පී.එල් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිදු කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මිලදී නොගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අදක්ෂතාවයක් නිසා නොවන බව හිටපු ක්‍රිකට් නායක සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර ප්‍රකාශ කලා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙවර සම්පූර්ණ අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් පැවැති අවිනිශ්චිතතාවය ඊට හේතු වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

Your Comments