IPL තුන්වෙනි තරගයේ ජය RCB කණ්ඩායමට

10

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ ලකුණු 10කින් පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153ක් පමණයි.

යුස්වේන්ද්‍ර චහෙල් ලකුණු 18කට කඩුලූ 3ක් බිද හෙලමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Your Comments