ICC ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් එංගලන්තය ඉදිරියෙන්

9

අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා.
ඔවුන් තරග 6කට සහභාගී වී ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 3ක්.
තරග 3ක් පරාජයට පත් වූ එංගලන්තයට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 30ක්.
දෙවැනි ස්ථානයේ පසුවන ඔස්ටේලියාව තරග 3කට ක්‍රීඩා කර ඉන් තරග 2ක් ජය ගැනීමට සමත්ව සිටිනවා.
ඔවුන්ට ප්‍රසාද ලකුණු 20ක් හිමිව ඇති අතර, තෙවැනි ස්ථානයේ පසුවන අයර්ලන්තයට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10ක්.
එම රටවල් තුන හැර වෙනත් කිසිදු කණ්ඩායමක් මෙතෙක් අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගය යටතේ තරග වැදී නැහැ.
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගනු ලබන්නේ මෙම ලීග් ක්‍රමවේදය තුළින්.
එහි පළමු ස්ථාන 7 හිමි කර ගන්නා කණ්ඩායම් 2023 ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි ඉන්දියාව සමග ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගනු ඇති.

Your Comments