Abu Dhabi T10 League  තරගාවලිය ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 6 වැනිදා දක්වා

10

මෙවර Abu Dhabi T10 League  තරගාවලිය ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 6 වැනිදා දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි හීදී පැවැත්වෙනවා.

සුපිරි ක්‍රිකට් තරු රැසක් පිරිවරා සිව්වන වරට පැවැත්වෙන මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් 08 ක් එක් වීමට නියමිතයි.

ඉන් කණ්ඩායම් 06ක් සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 14 දෙනකු තෝරාගෙන තිබෙනවා.

Pune Devils – තිසර පෙරේරාෙ, අජන්ත මෙන්ඩිස්, චාමර කපුගෙදර, මලින්ද පුෂ්පකුමාර
Bangla Tigers – ඉසුරු උදාන
Delhi Bulls – දසුන් ශානක, දුෂ්මන්ත චමීර
Deccan Gladiators – භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, ලහිරු කුමාර
Team Abu Dhabi – අවිශ්ක ප්‍රනාන්දු
Northern Warriors – නුවන් ප්‍රදීප්, මහේෂ් තීක්ෂණ, ලක්ෂාන් ධනංජය

Maratha Arabians   සහ Qalandars  කණ්ඩායම් සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මිලදී නොගැනීම විශේෂත්වයක්.

සමස්ත තරගාවලියට තරග 29ක් ඇතුලත් වන අතර මෙරට වේලාවෙන් සවස 5.30 රාත්‍රී 7.45 සහ රාත්‍රී 10.00ට තරග ආරම්භවීමට නියමිතයි.

Your Comments