ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට යයි [PHOTOs]

23

ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

20-20 සංචිතය සඳහා මාස 16කට පසු ඇන්ජෙලෝ මැතිව්ස් කැඳවා තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පළමු 20යි 20 තරගය ලබන 5 වනදා ගුවහාටි හී දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඉන්දියාව සමග පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස්ට අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, ඔහු සුපුරුදු දක්ෂතා අතර නොසිටීම හේතුවෙන්.

පිතිකරණය සම්බන්ධයෙන් විශ්වාසය යළි තහවුරු කර ගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සංචිතයට නම් කර ඇති බවයි තේරීම් කමිටු සාමාජිකයෙකු විදෙස් ක්‍රීඩා මාධ්‍යකට සඳහන් කර තිබුණේ.

පුහුණුකරුවන් මෙම තරග සංචාරයේ දී කුසල් මෙන්ඩිස්ගේ විශ්වාසය යළි ඇති කර ගැනීම සඳහා අවශ්‍ය පුහුණුවීම් කරනු ඇති බව ද හෙතෙම සඳහන් කර තිබෙනවා.

Your Comments