30 වන මහවැලි ක්‍රීඩා උළෙල ඇරඹෙයි [ඡායාරූප]
අනුර ප්‍රේමකුමාර

73

30 වන මහවැලි ක්‍රීඩා උළෙල අතිඋත්කර්ෂවත් අන්දමින් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා. ඒ මහවැලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතාගේ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

පෙරවරුවේ ගිනිසුළුව රැගත් රථ පෙලපාලිය ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනය අසලින් ගමන් ආරම්භ කළ අතර එය මහවැලි ක්‍රීඩාංගණයට ළඟාවීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා.

මහවැලි කලාප 10ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට අධික පිරිසක් අද සහ හෙට දෙදින පුරා තරග ඉසව් රැසකට සහභාගි වීමට නියමිතයි.

සමාරම්භක උත්සවය අමතමින් මහවැලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා කියා සිටියේ 30 වන මහවැලි ක්‍රීඩා උළෙල සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැඩි අවධානය යොමුව ඇති බවයි. මහවැලි කලාපවල ක්‍රීඩා කුසලතාවයන් ඔපනංවමින් ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

උත්සවය අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ මහවැලි කලාපවලින් රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය කෘෂි නිෂ්පාදනයන් දායාද කළ යුතු බවයි. මේ වන විට රටට විදෙස් රටවලින් විශාල ප්‍රමාණයක් පළතුර ආනයනය කරන බවත් ඉදිරියේදී ඒ වෙනුවට මහවැලි කලාපයන්ගෙන් එම පළතුරු අස්වනු ලබාදීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

30 වන මහවැලි ක්‍රීඩා උළලේ සත්කාරකත්වය මෙවර දන්නේ වලව විශේෂ බලප්‍රදේශයයි.

ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී අද සහ හෙට දෙදින පුරා තරග පැවැත්වෙනවා.

Your Comments