බංග්ලාදේශයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 331ක ඉලක්කයක්

40

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයේ පළමුව පහර දුන් බංග්ලාදේශය කඩුළු 6කට ලකුණු 330ක් ලබා ගත්තා.

බංග්ලාදේශ පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක් පෙන්නුම් කළා.

පළමු කඩුල්ල ලකුණු 59 දීත් දෙවන කඩුල්ල ලකුණු 75 දීත් අහිමි වුනා.

Shakib Al Hasan පිටියට පිවිසියේ 3වන පිතිකරු ලෙසයි.

ඔහු ළකුණු 75ක් ලබා ගත්තේ පන්දු 84ක දී.

ඊට 6 පහරක් සහ 4 පහර 8ක් ඇතුළත්.

3 වන කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ බංග්ලාදේශය ලකුණු 217ක් ලබා සිටියදී.

Imran Tahir 35 වන පන්දු ඕවරයේ පළමු පන්දුවෙන් Shakib Al Hasan ගේ කඩුල්ල දවා ගත්තා.

Mushfiqur Rahim ද ලකුණු 78ක් රැස් කළා.

පන්දු 80කට මුහුණ දුන් ඔහු 4 පහර 8ක් එල්ල කළා.

තරගය එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

Teams

Bangladesh:

Tamim Iqbal, Soumya Sarkar, Shakib Al Hasan, Mushfiqur Rahim (wk), Mohammad Mithun, Mahmudullah, Mosaddek Hossain, Mohammad Saifuddin, Mehedi Hasan, Mashrafe Mortaza (c), Mustafizur Rahman

South Africa:

Quinton de Kock (wk), Aiden Markram, Faf du Plessis (c), Rassie van der Dussen, David Miller, JP Duminy, Andile Phehlukwayo, Chris Morris, Kagiso Rabada, Lungi Ngidi, Imran Tahir

Your Comments