2020 පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය කල් දැමේ

19

2020 පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය කල්දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ කොවිඞ් -19 වසංගතය හේතුවෙන් මතුව ඇති අස්ථාවර තත්වය සැලකිල්ලට ගනිමින්.
එම තරඟාවලිය එළඹෙන ඔක්තෝබර් – නොවැම්බර් කාලසීමාවේදී ඔස්ටේ්‍රලියාවේදී පැවැත්වීමට නියමිතව තිබුණා.
එසේම 2023 පෙබරවාරි – මාර්තු කාලසීමාවේදී පැවැත්වීමට නියමිතව තිබු පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ද ඔක්තෝබර් – නොවැම්බර් දක්වා කල් දමා තිබෙනවා.

Your Comments