20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම අනිවිශ්චිතයි
පකිස්ථාන ක්‍රිකට් සභාපති කියයි

24

මෙම වසරේ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට හැකි නොවනු ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති එහ්සාන් මනී පවසනවා.
අයි.සී.සී මණ්ඩලය ද නියෝජනය කරන ජ්‍යෙෂ්ට නිළධාරියෙකු වන ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කළේ 2020 වසරේ දී කිසිදු අයි.සී.සී තරගාවලියක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති බවයි.
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 18 වනදා සිට නොවැම්බර් 16 වනදා දක්වා ඔස්ත්‍ඨ්්‍රලියාවේ පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය නිසි අයුරින් පවත්වන්නේ ද යන්න පිළිබද අවසන් තීරණය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් තවත් සති කිහිපයකින් ගනු ඇති.
කෙසේ වෙතත්, පසුගියදා ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද සදහන් කළේ මෙවර ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම ඉතා දුෂ්කර වනු ඇති බවයි.

Your Comments