20-20 අභියෝගතා තරගාවලිය ට ශ්‍රී ලංකාවෙන් ශෂිකලා සහ චමරි

19

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව මෙවරත් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කාන්තා අභියෝගතා තරගාවලිය සඳහා වන සංචිත ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් අද ප්‍රකාශයට පත් කළා.

කණ්ඩායම් තුනක් සහභාගි වන තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුද ඇතුළත්.

ශෂිකලා සිරිවර්ධන සහ චමරි අතපත්තු නියෝජනය කරන්නේ සුපර්නෝවාස් කණ්ඩායමයි.

තරගාවලිය නොවැම්බර් 4 වනදා සිට 9 වනදා දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් අතරට දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, බංග්ලාදේශය, නවසීලන්තය සහ තායිලන්තය නියෝජනය කරමින්ද ක්‍රීඩිකාවන් සහභාගි වනු ඇති.

Your Comments