20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක පත් කරයි

18

ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක පත් කර ඇති බව වාර්තා වනවා.

 

ඒ අනුව එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ඔහු කණ්ඩායම මෙහෙය වීමට නියමිතයි.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය තෙක් ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ඔහුට පැවරී ඇති බව සදහන්.

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කළ නමුත්, එළඹෙන කොදෙව් තරග සංචාරයට ඔහු එක් නොවනු ඇති.

කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මීට පෙර දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථාන තරග සංචාරයක ද නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාව තරග 3 ට බිංදුවක් ලෙස ජය වාර්තා කළා.

Your Comments