19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය : ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද

4

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයේ තවත් තරගයක් මේ වන විට මොරටුවදී පැවැත්වෙනවා.
ඒ වයස අවුරුදු 19න් පහළ ශ්‍රි ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කරනු ලැබුවා.
වයස අවුරුදු 19න් පහළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 24ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 116ක් ලබා සිටිනවා.
බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙන මහ්මුදුල් හසන් ජෝයි ලකුණු 55ක් ලබාගැනීමට සමත් වූයේ හතරේ පහර 5ක් සමගින්.
නොදැවී පන්දුවට පහර දෙන අනෙක් පිතිකරු වන තව්හිද් රිදෝයි පන්දු 26කදී හතරේ පහර 2ක් සමග ලකුණු 22ක් ලබා සිටිනවා.
දැවී ගිය ක්‍රීඩකයන් වන ටන්සිඞ් හසන් ලකුණු 17ක්ද පර්වේස් හොසෙන් එමොන් ලකුණු 10ක්ද ලබාගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඒ. ඩැනියල් පන්දුවාර 6ක් යොමු කර එක් කඩුල්ලක් දවා ගැනීමට වූ අතර ඩිල්ෂාන් මධුසංක පන්දුවාර 5ක් යොමු කර එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

Your Comments