13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

8

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද නිල වශයෙන් ආරම්භ වුණා.

ඒ, නේපාලයේ කත්මන්ඩු නුවර දී යි.

දෂරත් ක්‍රීඩාංගනයේ පැවැති සමාරම්භක උත්සවයේ දී එරට ජනාධිපතිනිය විසින් ක්‍රීඩා උළෙල ආරම්භ වූ බව නිල වශයෙන් නිවේදනය කළා.

කෙසේ වෙතත්, ක්‍රීඩා උළෙලට අදාළ වොලිබෝල් තරග පසුගිය දා ආරම්භ වූ අතර, එහි අවසන් පූර්ව තරග අද පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාව පරාජයට පත් කළ ඉන්දියාව සහ බංග්ලාදේශය පරාජය කළ පාකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

Your Comments