හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියවු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත තරගාවලියේ

11

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියවු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත තරගාවලියේ පළමු ක්‍රිකට් තරගයට ඊයේ ක්‍රිඩා කළා.
කේසි සවුත් මෙල්බන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඩිල්ෂාන් ගේ ප්‍රතිවාදී කණ්ඩායම වුයේ ඩැන් ඩොන් ක්‍රිකට් කණ්ඩායමයි.

ඊයේ පැවති තරගයේදී ඩිල්ෂාන් සිය සුපුරුදු දස්කම් වලට පැමිණි අතර එහිදී පන්දු 60 කදී ලකුණු 63ක් රැස් කළා.

එමෙන්ම පන්දු යැවීමේදී පන්දු වාර 10ක දී ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 32ක් පමණක් ලබා දෙමින් තම කණ්ඩායමට කඩුලු 08 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සිය දායකත්වය ලබා දී තිබෙනවා.

Your Comments