ස්කොට්ලන්තය සමග එක්දින ක්‍රිකට් තරග දෙකට මාලිංග නෑ

39

ස්කොට්ලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරග දෙක සදහා ලසිත් මාලිංග ක්‍රීඩා නොකරනු ඇති බව වාර්තා වනවා.
මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මාලිංගට සතියක පමණ විවේකයක් ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබීම ඊට හේතුවයි.
ඒ අනුව ලසිත් මාලිංග ලබන 22 වනදා කාර්ඩිෆ් හී දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇති.
ස්කොට්ලන්තයට එරෙහි එක්දින තරග දෙක පැවැත්වෙන්නේ ලබන 18 වනදා සහ 21 වනදායි.
කෙසේ වෙතත්, ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව සහභාගී වන පුහුණු තරග දෙක සදහා ලසිත් මාලිංග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
අදාළ පුහුණු තරග දෙක ලබන 24 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව සහ ලබන 27 වනදා ඔස්ටේ්‍රලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Your Comments