සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරග කුරුණෑගලින් කොළඹට

10

සැප්තැම්බර් මස 20 වැනිදා සිට 22 වනදා දක්වා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගය එම දිනයන්හිදීම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගය අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබනවා.
ඒ අනුව සියලුම පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ තරග වැඩසටහනට අනුව සුගතදාස ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම සියලුම විනිසුරුවරුන් සැප්තැම්බර් මස 19 වන දින පස්වරු 3ට සුගතදාස ක්‍රීඩා හෝටලයේ නේවාසිකාගාරය වෙත පැමිණිය යුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා.
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නේවාසික පහසුකම් අවශ්‍ය වන්නේ නම් පිරිමි ළමුන් සඳහා ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් විද්‍යාලයේද ගැහැනු ළමුන් සඳහා ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයටද වාර්තා කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.
වැඩි විස්තර සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ස.අ.අ. (ක්‍රීඩා) ආර්. රුවන් පතිරණ මහතාගෙන් (0718470905) හෝ කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයේ ස.අ.අ.(ක්‍රීඩා) කුසලානි වික්‍රමරත්න මහත්මියගෙන් ලබාගත හැකි බවද අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පවසනවා.

Your Comments