සනත් ජයසූරිය නැවතත් පිටියට

15

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මෙවර ඉන්දියාවේ පැවැත්වෙන ‘රෝඩ් සේෆ්ටි වල්ඩ් සීරීස් ටී ටුවෙන්ටි’ තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

 

ඒ අනුව ඔහු නායක තිලරත්න ඩිල්ෂාන් සමගින් ඉනිම ආරම්භ කරනු ඇති.

කෙසේ වෙතත්, පසුගිය තරගාවලියට ක්‍රීඩා කළ මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කලුවිතාරණ, චමින්ද වාස්, උපුල් චන්දන හා මාවන් අතපත්තු යන හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන බව සදහන්.

රසල් ආර්නල්ඩ්, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර වැනි හිටපු ක්‍රීඩකයින් ද මෙවර තරගාවලියට ක්‍රීඩා කරනවා.

තරගාවලියේ පළමු අදියර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වුන ද වූ කොරෝනා වසංගතය හේතුවෙන් තරග 4ක් පමණක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට සිදු වුණා.

ඒ අනුව එම අදියරේ ඉතිරි තරග ලබන 2 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවේ රායිපූර්හී දී පැවැත්වීමට නියමිතයි.

Your Comments