සචිත්‍රගෙන් වත්කම් බැරකම් වාර්තාවක් ඉල්ලයි

4

සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් දින 14ක් තුළ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත ලබාදෙන ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට දැනුම් දී තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලැස්මක් පිළිබඳව ප්‍රකාශ ලබාගැනීම සඳහා ඔහු ඊයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ ද පෙනී සිටියා.

ඔහු එහිදී පැය 8ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදී ඇති බව සඳහන්.

අනතුරුව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා සඳහන් කළේ, සිය විමර්ශනවලට ඔහුගේ සහයෝගය ලැබුණු බවයි.

වත්කම් බැරකම් අනුව ඉදිරි විමර්ශන සිදුකෙරෙන බව ද හෙතෙම කියා සිටියා.

Your Comments