සංචාරක ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ 19න් පහණ දෙවැනි සිව්දින තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වෙයි

6

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කුල්නාහි පැවැති දෙවැනි යොවුන් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.
තරගයේ සිව්වැනි සහ අවසන් දිනයේදී තරගය අවසන් වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 37 ක්.
තරගයේ පළමු දින තුන තුළ දී බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියෙන් සිටි නමුත්, අවසන් දිනයේ දී සමස්ථ තරගයේම පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වුණා.
ඒ, දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 346 ක දැවැන්ත ඉනිමක් ගොඩනංවමින්.
ලකුණු 170 ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දෙවැනි ඉනිමේදී කඩුලු 9 කට ලකුණු 346 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
නිපුන් ධනංජය පන්දු 318 ක දී ලකුණු 81 ක් ලබා ගත්තා.
තරගාවලියේ වීරයා නිපුන් ධනංජය.

Your Comments