සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

3

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා සිටියා.

ඊයේ දිනයට තරගය ආරම්භ කරනවිට දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 148ක්.
ඒ අනුව දකුණු අප්‍රිකාවට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 302ක් පමණයි.
ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා දැවි ගිය අතර දෙවන කඩුල්ලට පිටියට එක් වු ලහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න සමඟ එක්ව ලකුණු 84ක සබඳතාවක් ගොඩ නගනු ලැබුවා.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 91ක් රැස් කරගෙන සිටි අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 18ක් රැස් කරගෙන සිටිනවා.

Your Comments