ෂෙසාඩ් ගේ කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කෙරෙයි

19

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මොහොමඩ් ෂෙසාඩ් ගේ කොන්ත්‍රාත් ගිවිසුම තාවකාලිකව අවලංගු කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ ඔහු ක්‍රිකට් ආයතනයේ ආචාර ධර්ම පද්ධතිය උල්ලංගනය කිරීම හේතුවෙන්.

විදෙස් ගතවීමකදී ක්‍රිඩකයින් ඒ පිළිබඳ ක්‍රිකට් ආයතනය දැනුවත් කළ යුතු වුව ද මොහොමඩ් ෂෙසාඩ් විදෙස්ගත වූ අවස්ථාවකදී එවැනි දැනුම්දීමක් කර නොමැති බවයි එරට ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

Your Comments