ෂර්මා 15 වනදා ශාරීරික යෝග්‍යතාවකට කැඳවයි

18

පාදයක ආබාධයකට ලක්ව සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා එළඹෙන 15 වනදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා.
ඒ, නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් ඔහු පසුවන්නේ ද යන්න තීරණය කිරීම සදහායි.
බැංගලෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සිදු කෙරුනු ඇති.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන 21 වනදා වෙලින්ටන් හී දී ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, ඊට පෙර ඉන්දීය කණ්ඩායම සහභාගී වන තෙදින පුහුණු තරගයක් හෙට (14) හැමිල්ටන් හී දී ආරම්භ කෙරෙනවා.

ඉෂාන්ට් ෂර්මා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන්නේ නම් පමණක් ඔහු පළමු ටෙස්ට් තරගය ආරම්භයට පෙර වෙලින්ටන් නුවර බලා ළගා වීමට නියමිතයි.

Your Comments