ශිඛර් දවාන්ට නවසීලන්ත සංචාරය අහිමි වෙයි

11

ආබාධයකට ලක්ව සිටින ඉන්දීය ආරම්භක පිතිකරු ශිඛර් දවාන්ට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය සහ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඔහු වෙනුවට 20යි 20 සංචිතය සදහා සංජු සැම්සන් නම් කර ඇති අතර, එක්දින සංචිතියට කැදවා ඇත්තේ ප්‍රිත්වි ෂෝ.
ඔස්ටේ්‍රලියාව සමග නිමා වූ තෙවැනි එක්දින තරගයේ පන්දු රකිමින් සිටින අතරවාරයේ දී යි ශිකර් දවාන් වම් උරහිසෙහි ආබාධයකට ගොදුරු වුණේ.
ඒ හේතුවෙන් එම තරගයේ පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව ද ඔහුට අහිමි වුණා.
ආබාධය නිසා ශිකර් දවාන්ට කෙටි කාලයක් විවේක ගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇති අතර, පෙබරවාරි පළමු සතියේ දී ඔහු සිය ශාරීරික යෝග්‍යතාව සුදුසු මට්ටමට ගෙන ඒම සදහා අවශ්‍ය අභ්‍යාසවලට එක්වනු ඇති.
දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය ලබන 24 වනදා ආරම්භ වීමට නියමිතයි.

Your Comments