ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන නිකුත්වෙයි

9

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.
තරග දෙකම හරාරේ හී දි පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පළමු තරගය එළඹෙන 19 දා ද, දෙවන තරගය එළඹෙන 27 වනදා ද ආරම්භ වීමට නියමිතයි.
මේ අතර, වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
මෙවර ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන අතර, තරගාවලිය ලබන 17 වනදා සිට පෙබරවාරි 9 වනදා දක්වා පැවැත්විමට නියමිතයි.

Your Comments