ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අතර ටෙස්ට් තරගයේ තෙවන දිනය අද

20

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.
ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවි ලකුණු 42ක් රැස්කරගෙන සිටියා.
ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිමට කඩුළු 2ක් දැවී ලකුණු 189ක් රැස්කරගෙන සිටි සිම්බාබ්වේ පිලේ පළමු ඉනිම සියලු දෙනා දැවි ලකුණු 358කට සීමා කිරීමටයි ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණේ.
ක්‍රෙග් අර්වින් ලකුණු 85ක් රැස් කළ අතර කෙවින් කසුසා ලකුණු 63ක් රැස් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 114 කට කඩුළු 5 ක් දවා ගත්තා.

Your Comments