ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වන සභාපති කංචන ජයරත්න

11

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වන සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා නිතරඟයෙන් තේරී පත් වුණා.

 

ඊට අදාළ නිලවරණය පැවැත්වුණේ ක්‍රිඩා අමාත්‍යංශයේදීයි.

මෙම තනතුර සදහා ඇහැලියගොඩ වොලිබෝල් සංගමය නියෝජනය කරමින් කංචන ජයරත්න මහතා සහ කෑගල්ල වොලිබෝල් සංගමය නියෝජනය කරමින් නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා නාම යෝජනා භාර දෙනු ලැබුවා.

කෙසේ වෙතත් රංජිත් සියඹලාපිටිය මහතා සිය නාමයෝජනා පත්‍රය ඉල්ලා අස් කර ගැනීම හේතුවෙන් කංචන ජයරත්න මහතා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙස නිතරඟයෙන් තේරී පත් වුණු අතර ඔහු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ස්වාමිපුරුෂයා ද වනවා.

Your Comments