ශ්‍රී ලංකා ප්‍රවීනයන්ට කඩුලු 5ක පරාජයක්

181

මාර්ග අනතුරුවලින් ආරක්ෂා වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධාන කර ඇති විශ්‍රාමික ප්‍රවීනයන්ගේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගයෙන් ඔවුන් පරාජයට පත් වුණා.

ඉන්දීය ප්‍රවීනයන්ගේ කණ්ඩායම සමග පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ කඩුලු‍ 5කින්.

මුම්බායිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු‍ 8ක් දැවී ලකුණු 138ක් ලබා ගත්තා.

තිලකරත්න ඩිල්ෂාන් සහ චාමර කපුගෙදර ලකුණූ 23 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී මුනාෆ් පටෙල් කඩුලු‍ 4ක් බිඳ දැම්මා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු 8ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉර්ෆාන් පතාන් පන්දු 31කින් රැස් කළ ලකුණූ සංඛ්‍යාව 57ක්.

පන්දු යැවීමේ දී චමින්ද වාස් කඩුලු‍ 2යි.

Your Comments